පරිගණක  පරම්පරා  ආරම්භය


1)    පලමු  පරම්පරාව  ( Fist  Generation  1940 -1956)

2)     දෙවන  පරම්පරාව ( Second  Generation 1956 -1963)

3)     තුන්වන පරම්පරාව  ( Third   Generation 1964 – 1971)

4)    හතරවන පරම්පරාව ( 4th  Generation 1971 -1989)

5)    පස්වන   පරම්පරාව (5th Generation ) Present Beyond

 

    1) පලමු  පරම්පරාවේ  පරිගණක ( Fist  Generation  1940 -1956)

මෙම   යුගයේ  පරිගණක   ඉතා  විශාල  ඒවා  විය. මේ සදහා විශාල  ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය විය. මේ වායේ  මතකය සදහා  “Memory” චුම්බක  බෙර  යොදාගෙන  ඇති  අතර  රික්ත  නලද  යොදා ගෙන  ඇත. මේ  සදහා  ඉහල විදුලි  බලයක්  අවශ්‍යවිය. එම  නිසා  විදුලිය  සදහා විශාල වියදමක්  දැරිමට සිදුවිය. එක වරකට  එක්  ගැටළුවක්  පමණ මෙහි විසදීමට  හැකිවු  අතර  දත්ත ඇතුලත්  කිරිම  සදහා Punch Cards  හාTape භාවිතා කර  ඇත. මේහි  ප්‍රතිදාන Output මුදිත  මාද්‍යයෙන්  ලබා  දෙන  ලදී.(Printout) 1945 දී වොන් නියුමාන් විසින් නව  oකල්පයක්  හදුන්වා  දෙන  ලදී. එහි  ප්‍රධාන  අදස වුයේ  තැන්පත්  කොට  ඇති  ප්‍රධාන වැඩ  සටහන් වෙනස්  නොකොට  එයින්  විවිධ කාරයන්  සිදු  කර  ගැනිමයි. අද  භාවිතාවනුයේද ඔහු  විසින්  හදුන්වා  දුන්    oකල්පයයි.  



මේවායේ  විශේෂතා  

1)      රික්ත නල  භාවිතා විය.

2)      විශ්වාසයෙන්  තොර  විය.

3)      මිලෙන් අධික විය.

4)      ප්‍රමාණයෙන්  විශාලය.

5)      එහා  මෙහා  ගෙන  යා  නොහැක.

6)      විදුලිය    විශාල වශයනේ අවශ්‍යවේ.

7)      වායුසමණය කිරීම  අවශ්‍ය විය                                                                      

 

 

2)දෙවන  පරම්පරාව ( Second  Generation 1956 -1963)

මේයුගයේ  ට්‍රාන්සිස්ටර්  වලට ප්‍රධාන   තැනක්  හිමි  විය. Vacuum tube රික්ත  නල  ඉවත්  විය. ට්‍රාන්සිස්ටර්  1 එකක් මගින්  (Vacuum tube රික්ත  නල  ) විශාල ප්‍රමාණයක කාර්ය  භාර්ය විය.

මෙවා  පලමු  යුගයේ  පරිගණක  වලට වඩා  වේගවත්  විය. විදුලිය  වැය  වන  ප්‍රමාණය අඩු  විය. ලාබ  දායි  විය. එමෙන්ම  වීශ්වාස දායි  විය. නමුත්  වීශාල  ප්‍රමාණයෙන්  තාපය  පිට  විය.  Punch Card  හා   Assembly Language පරිගණක කේතය  සදහා  භාවිතා කරන  ලදී. Programming language වල  පලමු වැඩසටහන  ආරම්භය විය. උපදෙස්   මටකයේ  ගබඩා  කල පලමු  පරිගණකය  විය.


මේවායේ  විශේෂතා  

 මේ  සදහා ට්‍රාන්සිස්ටර්   යොදාගන්නා ලදී.

වායුසමණය  කිරීමට  අවශ්‍ය  විය.

පලමු  පරම්පරාවට  වඩා  වේගවත්  විය

ප්‍රමාණයෙන්  කුඩා  විය.

විශ්වාසදායි විය.                                                                                                                                   

 

 

3) තුන්වන පරම්පරාව  ( Third   Generation 1964 – 1971)

ට්‍රාන්සිස්ටර් කිහිපයක්  එක්වී සැදුම්  ලත්  පරිපථයන්  නිර්මාණ විය. IC ( Integrated Circuits) මේ  එක  සිලිකන්  චිපයක්  මත  ට්‍රාන්සිස්ටර් දස  දහසක්  ගණනක්  විය. මේ  හේතුවෙන්  ට්‍රාන්සිස්ටර්  ඉවත්  වී  IC වලට  තැන  හිමි  විය. මෙමගින්  පරිගණකය ඉතා  වේගවත් විය. Punch Card  වෙනුවට  යතුරැ  පුවරැව (keyboard / Mouse) මූසිකය   පැමිණියේය. පරිගණක  ක්‍රියාකිරිම  සදහා (OS) Operating systems ආරම්භ  විය. මෙම  හේතුවෙන්  විවිධ පරිගණක  මෘදුකාංග නිර්මාණය  විය. ඒවා  (Run) ධාවනය කිරිමට හැකි විය. මෙවා  කුඩාවූ  අතර   ඉතා  ලාභ විය.   


මේවායේ  විශේෂතා  

මෙසදහා  (IC) යොදාගන්නා  ලදී .

ප්‍රමාණය  කුඩා  විය.

අඩු  විදුලියක්  අවශ්‍ය  විය.

විශ්වාසදායි විය.

 

 

4) හතරවන පරම්පරාව ( 4th  Generation 1971 -1989)

ක්‍රමයෙන්  පරිගණකය වඩ  වඩාත්  කුඩා  විය. වේගයද  වැඩි  විය. පහසුවෙන්  හැසිරි  විය  හැකි   පරිගණක  නිර්මාණය වීය. (IC)  ක්‍රමයෙන්  කුඩා වු  අතර    විය. වේගයද  වැඩි  විය  ( LSIC හා   VLSIC )  බිහිවන්නට  විය.( LSIC – Large Scale Integrated   හා  VLSIC – Very Large Scale Integrated Circuits. එමෙන්ම  මෙ සමග  GUI  බිහිවිය.( ( Graphic user interface)  එය  නම්  පරිගණකය සදහා විදාන )   ( tape)  කිරිම  වෙනුවට කුඩා  පින්තුර   මත  මවුසය  කිලික්  කිරීමමෙන්  කාර්යන්  කර  ගැනීමට  හැකි  වීම.          

                                                            

 

 

 5) පස්වන   පරම්පරාව  (5th Generation ) Present Beyond

  මෙම    පරිගණක  කෘතීම බුද්දිය  මත  පදනම්  වී  ඇත.    AI (Artificial  intelligence)   වේ. එනම් Voice Recognition (හඩ හදුනා  ගැනිම ) අකුරැ  හදුනා ගැනිම ( character recognition) අකුරැ  කියවීම ( Text speech)

Handwriting recognition system ආදිය  වේ. අද  අප භාවිතා කරන්නේ මේ  පස්වන  යුගයේ  පරිගණකයන් වේ. මෙලෙස  අපට පරිගණක වල  යුගයන්  හදුනා  ගත  හැක අද  වර්තමාණයේ    පරිගණකය   නැතුවම  බැරි  උපකරණක්  වි  ඇත.

දියුණු  වන  ලෝකයේ  විශ්ව ගම්මාන  oකල්පය යටතේ පරිගණකයට  ප්‍රධාන තැනක්  හිමි  වී  ඇත.  




                                 



                                                        දැනුමට  යමක්     


මේ  ලිපි  සකස්  කර  ඇත්තේ  මා  පොත පතෙන්  ලද  දැනුමෙනි. ඔබ  ගේ  දැනුම  සදහා යොදා  ගන්නේනම් මැනවි.

 

ලියා  පල   කලේ  :-  Techbro Admin මහේෂ්

ලිපිය                 :-  පරිගණක පරම්පරා 2021/09/05